Life
සිරුර සීතල කරනා මුං ඇට
සංස්කෘත භාෂාවේ මුද්ග යන නමින් හඳුන්වන මුංඇට ඖෂධීය ගුණයෙන් අනූන ධාන්‍ය
වර්ගයකි. එදිනෙදා ආහාර වේල රසවත් කර ගැනීමට මුංඇට වෑංජනයක් ඉතා සුදුසුයි.
තැම්බූ මුංඇට පොල් සමඟ මිශ්‍රකර ආහාරයට ගන්නත් පුළුවනි. ඒ වගේම මුං
කිරිබත්, මුං කැවුම් ගැමි ආහාර රටාවට නැතුවම බැරි දෙයකි.
සිරුර
සිසිල්ව තබාගැනීම සඳහා උපකාර වන මුංඇට අධික ලෙස දහඩිය දැමීම වළක්වාලයි.
සිරුරෙන් මළ මුත්‍ර පහ කිරීමද මනා ලෙස පාලනය කිරීමේ හැකියාවක් ඇත. මුංඇට
තම්බාගත් වතුර පානය කිරීමෙන් සිරුරේ හටගන්නා අධික දාහය, මුත්‍ර දැවිල්ල
වැනි ආබාධ රැසක් මඟහරවාගත හැකිය. රුධිරය ආශ්‍රිතව යම් යම් විෂමතා හේතුවෙන්
හටගන්නා සමේ රෝගවලටද මුංඇට ඉතා සුදුසුය. තම්බාගත් මුං ඇට අඹරා සිරුරේ ආලේප
කිරීමෙන් සමේ රෝග පාලනය කරයි. පිෂ්ඨය එතරම් වැඩි ප්‍රමාණයක් අඩංගු නොවන
නිසා බඩ පිපුම වැනි උදරය ආශ්රිත සංකූලතාවන් හට නොගනී. මුංඇට තැම්බූ ජලය
පානය කිරීමෙන් කුසගින්න වැඩිවී ආහාර රුචිය වඩවයි. මුංඇට සිසිල් බවින් යුත්
ධාන්‍ය විශේෂයක් වුවද උගුරේ සෙම බැඳෙන ගතිය හා නිතර නිතර උගුර පාදන්නට වන
ගතියද සමනය කරයි.
කෙටිකාලීන රනිල භෝගයක් වන මුංඇටවල ප්‍රොaටීන්, ඛනිජලවණ හා වෙනත් පෝෂ්‍ය පදාර්ථ රාශියක්ද අඩංගු වේ.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks